Posts

පොල් පලා

Image
භාවිත නාම   පොල්කුඩු පලා විද්‍යාත්මක නාමය :  Aerva lanata ගසේ ස්වභාවය පැතිරීම හා ව්‍යාප්තිය ඉන්දියාව, මැලේසියාව, ජාවා දූපත්, සුමාත්‍රාව, ඝර්ම කලාපීය අප්‍රිකාව, ශ්‍රී ලංකාව වැනි රටවල බහුලව දක්‌නට ලැබේ. ශ්‍රී ලංකාවේ සෑම පළාතකම වැවෙන පොල් පලා වාර්ෂික බෝගයකි. සෙ.මී. 60ත් 75ක්‌ පමණ උසකට වැවෙයි. කඳේ පාදස්‌ථ කොටස හෙවත් පහළ කොටස රළු අතර බූව සහිත වෙයි. බොහෝ අතු බෙදී ඇත. තනි පැළයක්‌ ලෙස වගා කෙරෙන විට අතු 10ත් 50ක්‌ අතර ප්‍රමාණයක්‌ හට ගනී. කඳේ හටගන්නා පත්‍ර අණ්‌ඩාකාර ස්‌වභාවයක්‌ ගනී. පත්‍ර දිගින් සෙ.මී. 1.5ත් 3.5ත් හා පළලින් සෙ.මී. 1ත් 1.5ත් අතර වෙයි. මල්, කොළ මිශ්‍ර සුදු පැහැයක්‌ ගනී. ඉතා කුඩා මල් ද්විලිංගික ය. මල් විශාල ප්‍රමාණයක්‌ පොකුරු වශයෙන් හටගනී. වසර පුරා ම මල් හටගනී. රසායනික හා තාක්ෂණික වර්ගීකරණය බීටා-සිටොස්‌ටෙරිල්, පැල්මිටේට්‌, බීටා ඇමයිරින්, බීටා-සීටොස්‌ටෙරොල් අඩංගු වේ. අත්බෙහෙත්මය නොවන ප්‍රයෝජන ආර්ථික බෝගයක්‌ වශයෙන් වගා කරනු ලැබේ. බීජ පැළ සිටුවා මාස 2 1/2කින් හා බීජ ඉස මාස 4ත් 4 1/2ත් අතර කාලයක්‌ ගත වූ විට අස්‌වනු නෙළාගත හැකි ය. මාස 3ත් 4ත් අතර කාලයක දී ...

අරුම පුදුම ග්‍රහලෝකයක්

Image
යකඩ වැසි වැටෙන ග්‍රහලෝකයක්... සූර්යයා හැර වෙනත් අනෙකුත් තාරකා වටා කක්ෂගත වන ග්‍රහලෝක " Exoplanets “ ලෙස හැදින්වන බව ඔබ මේ වන විට දැනුවත් .. මෙවැනි එක් විශේෂිත exoplanet එකක් පිලිබඳයි මේ ලිපිය.. ESO (  European Southern Observatory )හි ඉතා විශාල දුරේක්ෂය (VLT) භාවිතා කරන පර්යේෂකයන් විසින් යකඩ වැසි ඇද හැලෙන බවට සැක කෙරෙන ආන්තික ග්‍රහලෝකයක් නිරීක්ෂණය කර ඇත. මෙම ඉතා උෂ්ණාධික (Ultra hot) ඉතා විශාල exoplanet හි දිවා පැත්තක් ඇති අතර උෂ්ණත්වය සෙල්සියස් අංශක 2400 ට වඩා ඉහළ යයි. තද සුළං මගින් යකඩ වාෂ්ප සිසිල් රාත්‍රී පැත්තට ගෙන යන අතර එය යකඩ ජල බිඳිති වලට ඝනීභවනය වේ. යකඩ වැස්ස හැර මෙම ග්‍රහලෝකය සවස් වරුවේ වැසි ඇති වන බව ස්විට්සර්ලන්තයේ ජීනිවා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන   David Ehrenreich පවසන ලදී.WASP-76b ලෙස මෙම exoplanet හැඳින්වෙන අතර මෙය බ්‍රහස්පතිට වඩා තරමක් කුඩා වන අතර පෘථිවියේ සිට ආලෝක වර්ෂ 640 ක් පමණ දුරින් මීන රාශියේ පිහිටා ඇත . මෙවැනි ග්‍රහලෝක " hot Jupiters “ ලෙසද හදුන්වයි .එයට හේතුව  මේවා මව් තාරකාවට ඉතාමත් ආසන්නව කක්ෂගත වී තිබීමයි.  මේ අවස්ථාවේ දීනම් මෙය...

කස කසා

Image
කිරි වීදුරුවක් බොනවා වගේද උදෙන්ම කස කසා වීදුරුවක් බොන එක... බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල අලංකාරය සඳහාය. විශේෂයෙන් බීම වර්ගවලට මෙන්ම වටලප්පන්, පුඩිං, සලාද, ජෙලිවලට රසකාරකයක් මෙන්ම අලංකාරයත් සඳහා කස කසා ඇට යොදා ගැනේ. නමුත් බොහෝ දෙනා නොදැන සිටි කරුණක් වන්නේ කස කසා ඇටවල ඉතා ගුණදායක පෝෂ්‍ය පදාර්ථයන් ඇති බවය. හින්දි භාෂාවෙන් කස කසා ඇට හඳුන්වනු ලබන්නේ කුෂ් කුෂ් ලෙසිනි. කස කසා ඇට නිල් සහ සුදු වර්ණවලින් යුක්තය. කස කසා ඇට ග්‍රෑම් 100ක පෝෂණ ගුණය ලෙසින් ශක්තිය කිලෝ කැලරි 525, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 28.13, ප්‍රෝටීන් ග්‍රෑම් 17.99, සම්පූර්ණ මේදය ග්‍රෑම් 41.56, (මෙහි කොලෙස්ටරෝල් නැත) කෙඳි ග්‍රෑම් 19.5, පෝලේට් මයිකෝ ග්‍රෑම් 82, නියසීන් මිලිග්‍රෑම් 89, අන්තර්ගත වේ. මීට අමතරව තවත් පෝෂ්‍ය ගුණයන් කිහිපයක්ම කස කසා ඇටවල අඩංගුව පවතී. කස කසා ඇටවල තෙල් මඟින් කාන්තාවන්ගේ සරුභාවය වැඩිදියුණු කරගත හැක. විශේෂයෙන් පැලෝපීය නාලවල ඇති අපද්‍රව්‍ය කොටස, අනවශ්‍ය කොටස, දියකර හැරීමේ හැකියාවත් කසකසා ඇටවල අන්තර්ගතව පවතී. ලිංගික ශක්තිය උත්තේජනය කිරීමේ හැකියාවත් කසකසා ඇටවල පවතී. කස කසා වල ඇත්තේ ජලය...

ලුණු

Image
ලුණු පදම පැන්නොත් ඇඟ පුරාම ලෙඩ. වෛද්‍ය උපදේශයට අනුව අපි දවසකට ලුණු භාවිත කළ යුත්තේ ග්‍රෑම් 5කටත් අඩු ප්‍රමාණයකුයි. වඩාත් තේරෙන භාශාවෙන් කිවහොත් නිරෝගී වැඩිහිටි ශ්‍රී ලාංකිකයකුට නම් දවසටම අවශ්‍ය වන්නෙ තේ හැඳි භාගයක් නැතිනම් තුන්කාලක ප්‍රමාණයක් පමණයි. ඉතින්, ලුණු අපේ ශරීරයට අවශ්‍ය බව ඇත්තයි. ඒ ප්‍රමාණය පැන්නොත් ලෙඩ ගොඩයි. ලුණු තමා අපේ මස්පිඬු නියමිත ජවයකින් යුතුව හොඳින් ක්‍රියාත්මක කරවන්නේ. ඒ වගේම ස්නායු පද්ධතිය ආශ්‍රිත පණිවුඩ හුවමාරුව ක්‍රියාශීලිව සිදුවෙන්නේ. ලුණු අඩුවීම නිසා සිදුවන මස්පිඬු පෙරැළීමේ අපහසුතාව අපි කාටත් නුපුරුදු දෙයක් නෙමෙයි. ඒ වගේම තමා හොද්දට ලුණු වැඩි වුණොත්. අධික ලුණු රුධිර පීඩනය ඉහළ දමන්න මූලික හේතූවක්. අධිරුධිර පීඩනය නිසා වකුගඩුවලට හානි සිදුවෙනවා. නහර පිපිරීම් සිදුවීමෙන් අංශභාග තත්ත්වය ඇති වෙනවා. ලුණු වැඩිනම් හදවත් රෝගත් වැඩියි. දියවැඩියාවටත් වැඩි ලුණු හේතුවක්. මේ සියල්ල අතර මහ ලෙඩක් වන තරබාරුවටත් ලුණු හේතුවක්. ඒ සමඟම ආතරයිටිස්, හන්දිපත් රුදාව වගේම කොන්ද කැක්කුම වගේ එපා කරපු ලෙඩත් පෝලිමට එනවා. ඉතින් තමන්ගේ සිරුරට ලබාගන්නා ලුණු ප්‍රමාණය වැඩි නම් අපේ සිරුර ඒ ගැන අපට දැ...

කොරෝනා සඳහා ඖෂධයක්

Image
කොවිඩ් 19 සදහා ඖෂදයක් සොයා ගැනේ..       සාමාන්‍ය එන්නතක් අතික්‍රමණය කරන කොවිඩ් වෛරසය 100% සම්පූර්ණයෙන්ම ජයගැනීමට සූදානම් නිශ්චිත විද්‍යාත්මක ඖෂධය සොයාගැනීම කැලිෆෝනියාවේ වාර්ථාවේ. කැලිෆෝනියාවේ ජෛවඖෂධ පර්යේෂණ සමාගමක් කොරොනාවෛරසය 100%ක්ම නිෂ්ක්‍රීය කරමින් සිරුරු ගත කරන ප්‍රතිදේහයක් සාර්ථකව උත්පාදනය කරයි. දින 4 කින් වෛරසය සිරුරෙන් ඉවත් කර සිරුර මුළුමනින්ම වෛරසයෙන් සෝදා හැරීමට මෙම ඖෂධය පැහැදිලිවම සමත් යැයි සමාගම ප්‍රකාශ කරයි. මෙවන් “ප්‍රතිදේහ” ඖෂධයක් ලොව පළමු වරට නිවේදනය කළ අවස්ථාව මෙයයි. කැලිෆෝනියාවේ ජෛවඖෂධ පර්යේෂණ සමාගමක්  වන සොරෙන්ටෝ තෙරැපියූටික්ස් සමාගම කොරොනා වෛරසය 100% ක්ම නිෂ්ක්‍රීය කරමින් සිරුරු ගතකරන ප්‍රතිදේහයක් සාර්ථකව උත්පාදනය කර ඇත. වෛරසය වැළඳුනු කෙනෙකුව සුවකිරීම සඳහා විදින එන්නතක් මෙන් නොව මෙය නීරෝගී පුද්ගලයෙකුට ලබාදීමෙන් වෛරසය 100%  නිෂ්ක්‍රීය කරන ප්‍රතිශක්තියක් ඇති කර, ඉන්පසු පුද්ගලයන්ට නිරුපද්‍රිතව සමාජ දුරස්ථභාවයක් විරහිතව සමාජයේ ගැවසීමට අවකාශ ලබා දේ.. වෛරසය අපගේ සිරුර ආක්‍රමණය කරන්නේ ශරීර ගතවීමෙන් පසු අප තුල ඇති ශෛල තුලට ඇතුල් වීමෙනි. අපගේ සෛලවලට ඇ...

බණ්ඩක්කා

Image
බණ්ඩක්කා ආහාරයක් ද? ඖෂධයක්ද?   රක්තහීනතාවය, දියවැඩියාව සහ ඇදුම යන රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වගේම රසවත් ආහාරයක් ද වන බණ්ඩක්කා වල  විටමින් K,C,A සහ B වලට අමතරව මැන්ගනීස්,යකඩ, පොටෑසියම්, සින්ක්, මැග්නීසියම් සහ කැල්සියම් යන ඛනිජ ලවණ ද බහුලව අඩංගුයි. මීට අමතරව ඇස් වල නිරෝගී භාවය වැඩි කරන ප්‍රතිඔක්සිකාරක ද බහුල වශයෙන් අඩංගු ආහාරයක් වශයෙන් බණ්ඩක්කා හඳුන්වන්න පුළුවන්. ඊට මතරව බණ්ඩක්කා ආහාරයට ගැනීම නිසා අපිට හිමි වන තවත් විශේෂ වාසි කිහිපයක් පිළිබඳව අපි මේ ලිපියේ විස්තර කරනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඉහල නංවයි. විටමින් C සහ ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කර ලෙඩ රෝග වලින් ආරක්ෂා කරයි. කොලෙස්ටරෝල් මට්ටම නියාමනය කරයි.  බණ්ඩක්කා කියන්නේ තන්තු බහුල ආහාරයක් නිසා රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම නියාමනය කරන අතර හෘදයේ නිරෝගීභාවය වැඩි කරනු ලබනවා.  රක්තහීනතාවය දුරු කරයි. බණ්ඩක්කා ආහාරයට ගැනීම මඟින් රුධිරයේ රතු රුධිරානු සෛල නිෂ්පාදනය  ඉහල නංවනු ලබන අතර ඒ මඟින් රක්තහීනතාවය ඇති වීම වලක්වා රෝගය සඳහා ප්‍රතිකාරයක ඖෂධයක් වශයෙන්ද ක්...

වම්බටු

Image
අකල් මරණ වළක්වන විස්මිත එළවළුව වම්බටු පෝෂ්‍ය ගුණවලින් අනූන එළවළුවකි. පෝෂණවේදීන්ට අනුව වම්බටු දිනපතාම ආහාරයට ගත යුතු තරම් පෝෂණීය ආහාරයකි. එහි විටමින්, ඛනිජ, ලවණ, එසේම තන්තු, ඇමයිනෝ අම්ල අඩංගුය. මෙම එළවළු ඔබේ සමස්ත ශරීර සෞඛ්‍ය වර්ධනය කරන අතර හදවත් රෝග වැළඳීමේ අවදානම අඩු කරයි. දියවැඩියාව, අධික තරබාරු බව හා අකල් මරණ සම්භාවිතාව අඩු කරයි. ඔබේ ආහාර වේලට වම්බටු එක් කර ගැනීමට වටිනා හේතු 8ක් මෙන්න. 01. එහි අඩංගු විටමින් k හා බයෝ ෆ්ලෙවනොයිඩ් අන්තර්ගතය නිසා දිනපතා වම්බටු ආහාරයට ගැනීම මගින් ලේ කැටි ඇති වීම වළකයි. 02. නිසියාකාරව පිළියෙළ කළහොත් වම්බටුවලට ඔබේ නරක කොලෙස්ටරෝල් (LDL) මට්ටම අවම කළ හැක. ඔබ කෙදිනකවත් වම්බටු බැද ආහාරයට නොගත යුතුය. පිසීම කළ යුතුය. 03. වම්බටුවල ඇති තන්තු නිසා එය ඔබේ ජීර්ණ පද්ධතිය සුරක්ෂිත කර ජීර්ණය පහසු කරයි. 04. දිනපතා වම්බටු ආහාරයට ගැනීමෙන් ඔබගේ රුධිර සංසරණය වර්ධනය වන අතර එහි අඩංගු, ශාක පෝෂණ ද්‍රව්‍ය මගින් ඔබගේ මොළයට පෝෂණය සපයයි. 05. වම්බටු ඔබගේ රුධිරයේ සීනි මට්ටම ක්‍රමවත් කරන අතර අඩු කාබන් හා වැඩි තන්තු අන්තර්ගතය නිසා දියවැඩියාව පාලනය කරයි. 06. අධික ෆ්ලෙවනොයිඩ් අන්තර්ගතය න...