අරුම පුදුම ග්‍රහලෝකයක්

යකඩ වැසි වැටෙන ග්‍රහලෝකයක්...



සූර්යයා හැර වෙනත් අනෙකුත් තාරකා වටා කක්ෂගත වන ග්‍රහලෝක " Exoplanets “ ලෙස හැදින්වන බව ඔබ මේ වන විට දැනුවත් .. මෙවැනි එක් විශේෂිත exoplanet එකක් පිලිබඳයි මේ ලිපිය..

ESO (  European Southern Observatory )හි ඉතා විශාල දුරේක්ෂය (VLT) භාවිතා කරන පර්යේෂකයන් විසින් යකඩ වැසි ඇද හැලෙන බවට සැක කෙරෙන ආන්තික ග්‍රහලෝකයක් නිරීක්ෂණය කර ඇත. මෙම ඉතා උෂ්ණාධික (Ultra hot) ඉතා විශාල exoplanet හි දිවා පැත්තක් ඇති අතර උෂ්ණත්වය සෙල්සියස් අංශක 2400 ට වඩා ඉහළ යයි. තද සුළං මගින් යකඩ වාෂ්ප සිසිල් රාත්‍රී පැත්තට ගෙන යන අතර එය යකඩ ජල බිඳිති වලට ඝනීභවනය වේ.

යකඩ වැස්ස හැර මෙම ග්‍රහලෝකය සවස් වරුවේ වැසි ඇති වන බව ස්විට්සර්ලන්තයේ ජීනිවා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන   David Ehrenreich පවසන ලදී.WASP-76b ලෙස මෙම exoplanet හැඳින්වෙන අතර මෙය බ්‍රහස්පතිට වඩා තරමක් කුඩා වන අතර පෘථිවියේ සිට ආලෝක වර්ෂ 640 ක් පමණ දුරින් මීන රාශියේ පිහිටා ඇත . මෙවැනි ග්‍රහලෝක " hot Jupiters “ ලෙසද හදුන්වයි .එයට හේතුව  මේවා මව් තාරකාවට ඉතාමත් ආසන්නව කක්ෂගත වී තිබීමයි.  මේ අවස්ථාවේ දීනම් මෙය බුධ ග්‍රහයා සූර්යයාට සමීප වී තිබෙනවාට වඩා 10 ගුනයක් තම මව් තාරකාවට ආසන්නයේ ඇත.

මෙම අමුතු සංසිද්ධිය සිදුවන්නේ 'Iron rain” exoplanet  සෑමවිටම  එක මුහුණක්, එහි දිවා පැත්ත, මව් තාරකාවට පමණක් පෙන්වන අතර, එහි සිසිල් රාත්‍රී පැත්ත සදාකාලික අන්ධකාරයේ ඇති බැවිනි. පෘථිවිය වටා ඇති කක්ෂයේ සඳ මෙන්, WASP-76b 'tidally locked’ ; එනම් මෙම ග්‍රහලෝකයට තාරකාව වටා ගමන් කිරීමට මෙන්ම  එහි අක්ෂය වටා භ්‍රමණය වීමට බොහෝ කාලයක් ගත වේ.එය  දිවා කාලයේදී පෘථිවිය සූර්යයාගෙන් ලබන විකර්ණ වලට වඩා දහස් ගුණයකින් වැඩි විකිරණ එහි මව් තාරකාවෙන් ලබා ගනී. එය කෙතරම් උණුසුම්ද යත් අණු පරමාණු වලට වෙන් වන අතර යකඩ වැනි ලෝහ වායුගෝලයට වාෂ්ප වී යයි. දිවා සහ රාත්‍රී පැති අතර පවතින අධික උෂ්ණත්ව වෙනස හේතුවෙන් දැඩි සුළං ඇති වන අතර යකඩ වාෂ්ප අධික උණුසුම් දිවා පැත්තේ සිට සිසිල් රාත්‍රී පැත්තට ගෙන එනු ලබන අතර උෂ්ණත්වය සෙල්සියස් අංශක 1500 දක්වා අඩු අගයක පවති.

නව අධ්‍යයනයට අනුව WASP-76b විවිධ දිවා රාත්‍රී උෂ්ණත්වයන් ඇතිවා පමණක් නොව, දිවා රාත්‍රී කාලවල රසායනයද  වෙනස් බව හෙලිවී ඇත.චිලී අටකාමා කාන්තාරයේ ESO හි VLT හි නව ESPRESSO උපකරණය භාවිතා කරමින් තාරකා විද්‍යාඥයන් පළමු වරට අතිශය උණුසුම්  මෙම ග්‍රහලෝකයේ රසායනික විචලනයන් හඳුනා ගන්නා ලදී. සවස කාලයේදී  ගත් ග්‍රහයාගේ දිවා පැත්ත රාත්‍රී පැත්තෙන් වෙන් කරන ඉතා ඝන යකඩ වාශ්පයක් (strong signature of iron vapor) අනාවරණය කරගන්නා ලදි.කෙසේ වෙතත්, විස්මය උපදවන කරුණක් ලෙස උදේ කාලයේ යකඩ වාෂ්ප නොපෙනන බව මහාචාර්ය  David Ehrenreich පවසයි. මේ සදහා හේතුව ලෙස ඔහු දක්වන ලද්දේ රාත්රී කාලයේ ඇතිවන යකඩ වැසි වේ.

 සිදු කරන ලද පළමු විද්‍යා නිරීක්ෂණවලින් WASP-76b හි වායුගෝලයේ උණුසුම්  දවල් කාලයේදී යකඩ වාෂ්ප බහුල බව අනාවරණය වී ඇත .ESPRESSO ( Echelle SPectrograph for Rocky Exoplanets and Stable Spectroscopic Observations ) නිර්මාණය කරන ලද්දේ සූර්යයා වැනි ග්‍රහලෝක වටා පරිභ්‍රමණය වන පෘථිවිය වැනි ග්‍රහලෝක ගවේෂණය සදහා නමුත් දැන් එය මේ ආකාරයේ exoplanets හී දේශගුනය අධ්‍යනය සදහාද  යොදා ගැනේ.

Comments

Popular posts from this blog

පොල් පලා

කස කසා

වම්බටු