කිරි වීදුරුවක් බොනවා වගේද උදෙන්ම කස කසා වීදුරුවක් බොන එක... බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල අලංකාරය සඳහාය. විශේෂයෙන් බීම වර්ගවලට මෙන්ම වටලප්පන්, පුඩිං, සලාද, ජෙලිවලට රසකාරකයක් මෙන්ම අලංකාරයත් සඳහා කස කසා ඇට යොදා ගැනේ. නමුත් බොහෝ දෙනා නොදැන සිටි කරුණක් වන්නේ කස කසා ඇටවල ඉතා ගුණදායක පෝෂ්‍ය පදාර්ථයන් ඇති බවය. හින්දි භාෂාවෙන් කස කසා ඇට හඳුන්වනු ලබන්නේ කුෂ් කුෂ් ලෙසිනි. කස කසා ඇට නිල් සහ සුදු වර්ණවලින් යුක්තය. කස කසා ඇට ග්‍රෑම් 100ක පෝෂණ ගුණය ලෙසින් ශක්තිය කිලෝ කැලරි 525, කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 28.13, ප්‍රෝටීන් ග්‍රෑම් 17.99, සම්පූර්ණ මේදය ග්‍රෑම් 41.56, (මෙහි කොලෙස්ටරෝල් නැත) කෙඳි ග්‍රෑම් 19.5, පෝලේට් මයිකෝ ග්‍රෑම් 82, නියසීන් මිලිග්‍රෑම් 89, අන්තර්ගත වේ. මීට අමතරව තවත් පෝෂ්‍ය ගුණයන් කිහිපයක්ම කස කසා ඇටවල අඩංගුව පවතී. කස කසා ඇටවල තෙල් මඟින් කාන්තාවන්ගේ සරුභාවය වැඩිදියුණු කරගත හැක. විශේෂයෙන් පැලෝපීය නාලවල ඇති අපද්‍රව්‍ය කොටස, අනවශ්‍ය කොටස, දියකර හැරීමේ හැකියාවත් කසකසා ඇටවල අන්තර්ගතව පවතී. ලිංගික ශක්තිය උත්තේජනය කිරීමේ හැකියාවත් කසකසා ඇටවල පවතී. කස කසා වල ඇත්තේ ජලය...
❤️
ReplyDelete