පොල් පලා
භාවිත නාම පොල්කුඩු පලා විද්‍යාත්මක නාමය : Aerva lanata ගසේ ස්වභාවය පැතිරීම හා ව්‍යාප්තිය ඉන්දියාව, මැලේසියාව, ජාවා දූපත්, සුමාත්‍රාව, ඝර්ම කලාපීය අප්‍රිකාව, ශ්‍රී ලංකාව වැනි රටවල බහුලව දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ සෑම පළාතකම වැවෙන පොල් පලා වාර්ෂික බෝගයකි. සෙ.මී. 60ත් 75ක් පමණ උසකට වැවෙයි. කඳේ පාදස්ථ කොටස හෙවත් පහළ කොටස රළු අතර බූව සහිත වෙයි. බොහෝ අතු බෙදී ඇත. තනි පැළයක් ලෙස වගා කෙරෙන විට අතු 10ත් 50ක් අතර ප්‍රමාණයක් හට ගනී. කඳේ හටගන්නා පත්‍ර අණ්ඩාකාර ස්වභාවයක් ගනී. පත්‍ර දිගින් සෙ.මී. 1.5ත් 3.5ත් හා පළලින් සෙ.මී. 1ත් 1.5ත් අතර වෙයි. මල්, කොළ මිශ්‍ර සුදු පැහැයක් ගනී. ඉතා කුඩා මල් ද්විලිංගික ය. මල් විශාල ප්‍රමාණයක් පොකුරු වශයෙන් හටගනී. වසර පුරා ම මල් හටගනී. රසායනික හා තාක්ෂණික වර්ගීකරණය බීටා-සිටොස්ටෙරිල්, පැල්මිටේට්, බීටා ඇමයිරින්, බීටා-සීටොස්ටෙරොල් අඩංගු වේ. අත්බෙහෙත්මය නොවන ප්‍රයෝජන ආර්ථික බෝගයක් වශයෙන් වගා කරනු ලැබේ. බීජ පැළ සිටුවා මාස 2 1/2කින් හා බීජ ඉස මාස 4ත් 4 1/2ත් අතර කාලයක් ගත වූ විට අස්වනු නෙළාගත හැකි ය. මාස 3ත් 4ත් අතර කාලයක දී ...